Happy Sinhala & Tamil New Year to all Sri Lankans across the world!

 ලබන්නාවූ සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Happy Sinhala & Tamil New Year to all Sri Lankans across the world!



https://youtu.be/yIv7BWrTndc

සුභ අලුත් අවුරුද්දක් වේවා!
● අලුත් අවුරුදු උදාව:- අප්‍රේල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. ● පුණ්‍ය කාලය:- අප්‍රේල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08 පසුවී විනාඩි 09 සිට පසු දින එනම් 14 බදාදා පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පුණ්‍යකාලය බැවින් අප්‍රේල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08.09 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම දපුණ්‍යකාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වන බදාදා පූර්වභාග 02 පසුවී විනාඩි 33 සිට එදිනම පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.
● ආහාර පිසීම:- අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17 ට ලා කොල පැහැති (පළාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලිවර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

● වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:- අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41 ට ලා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.