Majjhima Nikaya - 3

Dhammadayada Sutta

3. Discourse on Heirs of Dhamma

Evaṃ me sutaṃ—​   ekaṃ samayaṃ bhagavā sāvatthiyaṃ viharati jetavane anātha­piṇḍi­kassa ārāme. Tatra kho bhagavā bhikkhū āmantesi: “bhikkhavo”ti. “Bhadante”ti te bhikkhū bhagavato paccassosuṃ. Bhagavā etadavoca: 

Thus have I heard:
One time the Lord was staying near Sāvatthī in the Jeta Grove in Anāthapiṇḍika's monastery. While he was there the Lord addressed the monks, saying:
“Monks.”
“Revered One,” these monks answered the Lord in assent. The Lord spoke thus:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ.
Dhammadāyādā me, bhikkhave, bhavatha, mā āmisadāyādā. Atthi me tumhesu anukampā: ‘kinti me sāvakā dhammadāyādā bhaveyyuṃ, no āmisadāyādā’ti. Tumhe ca me, bhikkhave, āmisadāyādā bhaveyyātha no dhammadāyādā, tumhepi tena ādiyā bhaveyyātha: ‘āmisadāyādā satthusāvakā viharanti, no dhammadāyādā’ti; ahampi tena ādiyo bhaveyyaṃ: ‘āmisadāyādā satthusāvakā viharanti, no dhammadāyādā’ti. Tumhe ca me, bhikkhave, dhammadāyādā bhaveyyātha, no āmisadāyādā, tumhepi tena na ādiyā bhaveyyātha: ‘dhammadāyādā satthusāvakā viharanti, no āmisadāyādā’ti; ahampi tena na ādiyo bhaveyyaṃ: ‘dhammadāyādā satthusāvakā viharanti, no āmisadāyādā’ti. Tasmātiha me, bhikkhave, dhammadāyādā bhavatha, mā āmisadāyādā. Atthi me tumhesu anukampā: ‘kinti me sāvakā dhammadāyādā bhaveyyuṃ, no āmisadāyādā’ti.
“Monks, become my heirs of Dhamma, not heirs of material things. I have sympathy with you and think: How may disciples become my heirs of Dhamma, not heirs of material things? If you, monks, should become heirs of material things, not heirs of Dhamma, not only may you become in consequence those of whom it is said: ‘The Teacher's disciples are heirs of material things, not heirs of Dhamma,’ but I too may become in consequence one of whom it is said: ‘The Teacher's disciples are heirs of material things, not heirs of Dhamma,’ But if you, monks, should become my heirs of Dhamma, not heirs of material things, then you may become in consequence those of whom it is said: ‘The Teacher's disciples are heirs of Dhamma, not heirs of material things,’ and I too may become in consequence one of whom it is said: ‘The Teacher's disciples are heirs of Dhamma, not heirs of material things,’ Therefore, monks, become my heirs of Dhamma, not heirs of material things.
“මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
Idhāhaṃ, bhikkhave, bhuttāvī assaṃ pavārito paripuṇṇo pariyosito suhito yāvadattho; siyā ca me piṇḍapāto atirekadhammo ­chaḍḍa­nīya­dhammo. Atha dve bhikkhū āgaccheyyuṃ ­jighac­chā­dubbal­ya­paretā. Tyāhaṃ evaṃ vadeyyaṃ: ‘ahaṃ khomhi, bhikkhave, bhuttāvī pavārito paripuṇṇo pariyosito suhito yāvadattho; atthi ca me ayaṃ piṇḍapāto atirekadhammo ­chaḍḍa­nīya­dhammo. Sace ākaṅkhatha, bhuñjatha, no ce tumhe bhuñjissatha, idānāhaṃ appaharite vā chaḍḍessāmi, appāṇake vā udake opilāpessāmī’ti.
I have sympathy with you and think: How may disciples become my heirs of Dhamma, not heirs of material things? Take a case where I, monks, may have eaten and be satisfied, (the meal) ended, finished, I having had enough, as much as I pleased. But it may be that some of my alms-food is over and is to be thrown away, when two monks may arrive worn out with exhaustion and hunger. If I should speak to them thus: ‘I, monks, have eaten and am satisfied (the meal) ended, finished, I having had enough, as much as I pleased. But some of my alms-food is over and is to be thrown away. Do eat it if you (so) desire; if you do not eat it I will now throw it away where there is no grass or I will drop it into water that has no living creatures in it.’
“මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.
“එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)
Tatrekassa bhikkhuno evamassa: ‘bhagavā kho bhuttāvī pavārito paripuṇṇo pariyosito suhito yāvadattho; atthi cāyaṃ bhagavato piṇḍapāto atirekadhammo ­chaḍḍa­nīya­dhammo. Sace mayaṃ na bhuñjissāma, idāni bhagavā appaharite vā chaḍḍessati, appāṇake vā udake opilāpessati. Vuttaṃ kho panetaṃ bhagavatā: “dhammadāyādā me, bhikkhave, bhavatha, mā āmisadāyādā”ti. Āmisaññataraṃ kho panetaṃ, yadidaṃ piṇḍapāto. Yannūnāhaṃ imaṃ piṇḍapātaṃ abhuñjitvā imināva ­jighac­chā­dubbal­yena evaṃ imaṃ rattindivaṃvītināmeyyan’ti. So taṃ piṇḍapātaṃ abhuñjitvā teneva ­jighac­chā­dubbal­yena evaṃ taṃ rattindivaṃ vītināmeyya.
Then it may occur to one monk: ‘Now, the Lord having eaten and being satisfied (the meal) ended, finished, having had enough, as much as he pleased. But this alms-food of the Lord's is to be thrown away; if we do not eat it, the Lord will now throw it away where there is no grass or he will drop it into water that has no living creatures in it. But this was said by the Lord: Monks, become my heirs of Dhamma, not heirs of material things. But this is a material thing, that is to say, alms-food. Suppose that I, not having eaten this alms-food, in spite of this hunger and exhaustion, should pass this night and day thus?’ He, not having eaten that alms-food, in spite of that hunger and exhaustion, may pass this night and day thus.
“ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය, නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.
Atha dutiyassa bhikkhuno evamassa: ‘bhagavā kho bhuttāvī pavārito paripuṇṇo pariyosito suhito yāvadattho; atthi cāyaṃ bhagavato piṇḍapāto atirekadhammo ­chaḍḍa­nīya­dhammo. Sace mayaṃ na bhuñjissāma, idāni bhagavā appaharite vā chaḍḍessati, appāṇake vā udake opilāpessati. Yannūnāhaṃ imaṃ piṇḍapātaṃ bhuñjitvā ­jighac­chā­dubbal­yaṃ paṭivinodetvāevaṃ imaṃ rattindivaṃ vītināmeyyan’ti. So taṃ piṇḍapātaṃ bhuñjitvā ­jighac­chā­dubbal­yaṃ paṭivinodetvā evaṃ taṃ rattindivaṃ vītināmeyya.
Then it occurs to the second monk, thus: ‘Now, the Lord having eaten and being satisfied (the meal) ended, finished, having had enough, as much as he pleased. But this alms-food of the Lord's is to be thrown away; if we do not eat it, the Lord will now throw it away where there is no grass or he will drop it into water that has no living creatures in it. Suppose that I, having eaten this alms-food, having driven away this hunger and exhaustion, should pass this night and day thus? He, having eaten that alms-food, having driven away that hunger and exhaustion, may spend that night and day thus.
නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.

Kiñcāpi so, bhikkhave, bhikkhu taṃ piṇḍapātaṃ bhuñjitvā ­jighac­chā­dubbal­yaṃ paṭivinodetvā evaṃ taṃ rattindivaṃ vītināmeyya, atha kho asuyeva me purimo bhikkhu pujjataro ca pāsaṃsataro ca. Taṃ kissa hetu? Tañhi tassa, bhikkhave, bhikkhuno dīgharattaṃ appicchatāya santuṭṭhiyā sallekhāya subharatāya vīriyārambhāya saṃvattissati. Tasmātiha me, bhikkhave, dhammadāyādā bhavatha, mā āmisadāyādā. Atthi me tumhesu anukampā: ‘kinti me sāvakā dhammadāyādā bhaveyyuṃ, no āmisadāyādā’”ti.
Although, monks, that monk, having eaten that alms-food, having driven away this hunger and exhaustion, should pass this night and day thus, he, having eaten that alms-food, having driven away that hunger and exhaustion, may spend that night and day thus, yet that first monk is for me the more to be honoured and the more to be praised. What is the reason for this? It is, monks, that it will conduce for a long time to that monk's desirelessness, to his contentment, expunging (of evil), to his being easily supported, to his putting forth energy. Therefore, monks, become my heirs of Dhamma, not heirs of material things. I have sympathy with you and think: How may disciples become my heirs of Dhamma, and not heirs of material things?”
“මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.
“මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”

Idamavoca bhagavā. Idaṃ vatvāna
 sugato uṭṭhāyāsanā vihāraṃ pāvisi.
Tatra kho āyasmā sāriputto acira­pakkan­tassa bhagavato bhikkhū āmantesi: “āvuso bhikkhave”ti. “Āvuso”ti kho te bhikkhū āyasmato sāriputtassa paccassosuṃ. Āyasmā sāriputto etadavoca: 
Thus spoke the Lord; when the Well-farer had spoken thus, rising from his seat, he entered the dwelling-place. Thereupon the venerable Sāriputta, not long after the Lord had gone away, addressed the monks, saying:
“Reverend monks.”
“Your reverence,” these monks answered the venerable Sāriputta in assent. Then the venerable Sāriputta spoke thus:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ‘ඇවැත්නි,මහණෙනි,’ කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි,’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය දේශනා කළහ.

“Kittāvatā nu kho, āvuso, satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhanti, kittāvatā ca pana satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhantī”ti? “Dūratopi kho mayaṃ, āvuso, āgacchāma āyasmato sāriputtassa santike etassa bhāsitassa atthamaññātuṃ. Sādhu vatā­yasman­taṃyeva sāriputtaṃ paṭibhātu etassa bhāsitassa attho; āyasmato sāriputtassa sutvā bhikkhū dhāressantī”ti. “Tena hāvuso, suṇātha, sādhukaṃ manasi karotha, bhāsissāmī”ti. “Evamāvuso”ti kho te bhikkhū āyasmato sāriputtassa paccassosuṃ. Āyasmā sāriputto etadavoca: 
“In what respects, your reverences, while the Teacher is staying in seclusion, do disciples not follow his example of aloofness? And in what respects, while the Teacher is staying in seclusion, do disciples follow his example of aloofness?”
“We would come even from afar to learn from the venerable Sāriputta the meaning of this that is said. It were good indeed if the meaning of this that is said should be spoken out by the venerable Sāriputta, so that monks, having heard the venerable Sāriputta, might master it.”
“Very well, your reverences, listen, attend carefully, and I will speak.”
“Yes, your reverence,” these monks answered the venerable Sāriputta in assent. Then the venerable Sāriputta spoke thus:

“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙහි වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?”
“ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් මේ වදාළ ධර්මයෙහි අර්ථය දැනගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්මයෙහි අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීහ.
“ඇවැත්නි, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.

“Kittāvatā nu kho, āvuso, satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhanti? Idhāvuso, satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhanti, yesañca dhammānaṃ satthā pahānamāha, te ca dhamme nappajahanti, bāhulikā ca honti, sāthalikā, okkamane pubbaṅgamā, paviveke nikkhittadhurā. Tatrāvuso, therā bhikkhū tīhi ṭhānehi gārayhā bhavanti. ‘Satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhantī’ti—iminā paṭhamena ṭhānena therā bhikkhū gārayhā bhavanti. ‘Yesañca dhammānaṃ satthā pahānamāha te ca dhamme nappajahantī’ti—iminā dutiyena ṭhānena therā bhikkhū gārayhā bhavanti. ‘Bāhulikā ca, sāthalikā, okkamane pubbaṅgamā, paviveke nikkhittadhurā’ti—iminā tatiyena ṭhānena therā bhikkhū gārayhā bhavanti. Therā, āvuso, bhikkhū imehi tīhi ṭhānehi gārayhā bhavanti. Tatrāvuso, majjhimā bhikkhū … pe … navā bhikkhū tīhi ṭhānehi gārayhā bhavanti. ‘Satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhantī’ti—iminā paṭhamena ṭhānena navā bhikkhū gārayhā bhavanti. ‘Yesañca dhammānaṃ satthā pahānamāha te ca dhamme nappajahantī’ti—iminā dutiyena ṭhānena navā bhikkhū gārayhā bhavanti. ‘Bāhulikā ca honti, sāthalikā, okkamane pubbaṅgamā, paviveke nikkhittadhurā’ti—iminā tatiyena ṭhānena navā bhikkhū gārayhā bhavanti. Navā, āvuso, bhikkhū imehi tīhi ṭhānehi gārayhā bhavanti. Ettāvatā kho, āvuso, satthu pavivittassa viharato sāvakā vivekaṃ nānusikkhanti.
“This is a case, your reverences, where, while the Teacher is staying in seclusion, disciples do not follow his example as to aloofness, they do not get rid of those things of which the Teacher has spoken of getting rid, they are ones for abundance and are lax, taking the lead in backsliding, throwing off the yoke of seclusion.
Among them, your reverences, monks who are elders become contemptible in three ways: 
(1) If, while the Teacher is staying in seclusion, disciples do not follow his example as to aloofness, this is the first way in which monks who are elders become contemptible. 
(2) If they do not get rid of those things of which the Teacher has spoken of getting rid, this is the second way in which monks who are elders become contemptible. 
(3) If they are ones for abundance and are lax, taking the lead in backsliding, throwing off the yoke of seclusion, this is the third way in which monks who are elders become contemptible. 
So, your reverences, monks who are elders become contemptible in these three ways.

“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කෙතෙක් කරුණකින් විවේකයෙහි නොහික්මෙත්ද, ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විවේකව වාසය කරද්දී විවේකයෙහි නොහික්මෙත්ද, ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන්ගේ නැතිකිරීම දේශනාකළේද ඒ ධර්මයන් නැති නොකරත්ද, චිවරාදිය බහුලකොට ඇත්තෝ වෙත්ද, සර්වඥශාසනය ලිහිල්කොට ගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය කරත්ද, උතුම් විවේකයෙහි (නිර්වාණයෙහි) බහා තුබූ වීර්ය ඇත්තාහු වෙත්ද, ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි වැඩිසිටි (ස්ථවිර) භික්ෂුහු කරුණු තුනකින් ගැරහිය යුතු වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසයකරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට ගන්නෝය. නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තාහුය යන මේ තුන්වෙනි කරුණෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙති ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනෙන් ගැරහිය යුත්තෝ වෙත්.
Kittāvatā ca panāvuso, satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhanti? Idhāvuso, satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhanti—yesañca dhammānaṃ satthā pahānamāha te ca dhamme pajahanti; na ca bāhulikā honti, na sāthalikā okkamane nikkhittadhurā paviveke pubbaṅgamā. Tatrāvuso, therā bhikkhū tīhi ṭhānehi pāsaṃsā bhavanti. ‘Satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhantī’ti—iminā paṭhamena ṭhānena therā bhikkhū pāsaṃsā bhavanti. ‘Yesañca dhammānaṃ satthā pahānamāha te ca dhamme pajahantī’ti—iminā dutiyena ṭhānena therā bhikkhū pāsaṃsā bhavanti. ‘Na ca bāhulikā, na sāthalikā okkamane nikkhittadhurā paviveke pubbaṅgamā’ti—iminā tatiyena ṭhānena therā bhikkhū pāsaṃsā bhavanti. Therā, āvuso, bhikkhū imehi tīhi ṭhānehi pāsaṃsā bhavanti. Tatrāvuso, majjhimā bhikkhū … pe … navā bhikkhū tīhi ṭhānehi pāsaṃsā bhavanti. ‘Satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhantī’ti—iminā paṭhamena ṭhānena navā bhikkhū pāsaṃsā bhavanti. ‘Yesañca dhammānaṃ satthā pahānamāha te ca dhamme pajahantī’ti—iminā dutiyena ṭhānena navā bhikkhū pāsaṃsā bhavanti. ‘Na ca bāhulikā, na sāthalikā okkamane nikkhittadhurā paviveke pubbaṅgamā’ti—iminā tatiyena ṭhānena navā bhikkhū pāsaṃsā bhavanti. Navā, āvuso, bhikkhū imehi tīhi ṭhānehi pāsaṃsā bhavanti. Ettāvatā kho, āvuso, satthu pavivittassa viharato sāvakā viveka­manu­sikkhanti.
Among them, your reverences, monks who are of middle standing become contemptible in three ways: 
(1) If, while the Teacher is staying in seclusion, disciples do not follow his example as to aloofness, this is the first way in which monks who are of middle standing become contemptible. 
(2) If they do not get rid of those things of which the Teacher has spoken of getting rid, this is the second way in which monks who are of middle standing become contemptible. 
(3) If they are ones for abundance and are lax, taking the lead in backsliding, throwing off the yoke of seclusion, this is the third way in which monks who are of middle standing become contemptible. 
So, your reverences, monks who are of middle standing become contemptible in these three ways.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය. සර්වඥශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
Tatrāvuso, lobho ca pāpako doso ca pāpako. Lobhassa ca pahānāya dosassa ca pahānāya atthi majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattati. Katamā ca sā, āvuso, majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattati? Ayameva ariyo aṭṭhaṅgiko maggo, seyyathidaṃ—sammādiṭṭhi sammāsaṅkappo sammāvācā sammākammanto sammāājīvo sammāvāyāmo sammāsati sammāsamādhi. Ayaṃ kho sā, āvuso, majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattati.
Among them, your reverences, monks who are newly ordained monks become contemptible in three ways: (1) If, while the Teacher is staying in seclusion, disciples do not follow his example as to aloofness, this is the first way in which monks who are newly ordained monks become contemptible. (2) If they do not get rid of those things of which the Teacher has spoken of getting rid, this is the second way in which monks who are newly ordained monks become contemptible. (3) If they are ones for abundance and are lax, taking the lead in backsliding, throwing off the yoke of seclusion, this is the third way in which monks who are newly ordained monks become contemptible. So, your reverences, monks who are newly ordained monks become contemptible in these three ways. In these respects, your reverences, while the Teacher is staying in seclusion, do disciples not follow his example as to aloofness.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි නවක (අලුත පැවිදිවූ) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය. විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
Tatrāvuso, kodho ca pāpako upanāho ca pāpako … pe … makkho ca pāpako paḷāso ca pāpako, issā ca pāpikā maccherañca pāpakaṃ, māyā ca pāpikā sāṭheyyañca pāpakaṃ, thambho ca pāpako sārambho ca pāpako, māno ca pāpako atimāno ca pāpako, mado ca pāpako pamādo ca pāpako. Madassa ca pahānāya pamādassa ca pahānāya atthi majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattati. Katamā ca sā, āvuso, majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattati? Ayameva ariyo aṭṭhaṅgiko maggo, seyyathidaṃ—sammādiṭṭhi sammāsaṅkappo sammāvācā sammākammanto sammāājīvo sammāvāyāmo sammāsati sammāsamādhi. Ayaṃ kho sā, āvuso, majjhimā paṭipadā cakkhukaraṇī ñāṇakaraṇī upasamāya abhiññāya sambodhāya nibbānāya saṃvattatī”ti.
But in what respects, while the Teacher is staying in seclusion, do disciples follow his example as to aloofness? 
This is a case, your reverences, where, while the Teacher is staying in seclusion, disciples follow his example as to aloofness and get rid of those things of which the Teacher has spoken of getting rid, they are not ones for abundance, they are not lax, they throw off the yoke of backsliding and take the lead in seclusion.
Among them, your reverences, monks who are of middle standing become praiseworthy in three ways: 
(1) If, while the Teacher is staying in seclusion, disciples follow his example as to aloofness, this is the first way in which monks who are of middle standing become praiseworthy. 
(2) If they get rid of those things of which the Teacher has spoken of getting rid, this is the second way in which monks who are of middle standing become praiseworthy. 
(3) If they are not ones for abundance, if they are not lax, if they throw off the yoke of backsliding and take the lead in seclusion, this is the third way in which monks who are of middle standing become praiseworthy. 
So, your reverences, monks who are of middle standing become praiseworthy in these three ways.
Among them, your reverences, monks who are newly ordained monks become praiseworthy in three ways: 
(1) If, while the Teacher is staying in seclusion, disciples follow his example as to aloofness, this is the first way in which monks who are newly ordained monks become praiseworthy. 
(2) If they get rid of those things of which the Teacher has spoken of getting rid, this is the second way in which monks who are newly ordained monks become praiseworthy. 
(3) If they are not ones for abundance, if they are not lax, if they throw off the yoke of backsliding and take the lead in seclusion, this is the third way in which monks who are newly ordained monks become praiseworthy. 
So, your reverences, monks who are newly ordained monks become praiseworthy in these three ways. In these respects, your reverences, while the Teacher is staying in seclusion, do disciples follow his example as to aloofness.
Herein, your reverences, greed is evil and ill-will is evil; for getting rid of greed and for getting rid of ill-will there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, anger is evil and malevolence is evil for getting rid of greed and for getting rid of ill-will there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, hypocrisy is evil and spite is evil for getting rid of hypocrisy and for getting rid of spite there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, envy is evil and stinginess is evil for getting rid of envy and for getting rid of stinginess there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, deceit is evil and treachery is evil for getting rid of deceit and for getting rid of treachery there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, obstinacy is evil and impetuosity is evil for getting rid of obstinacy,for getting rid of impetuosity there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, arrogance is evil and pride is evil for getting rid of arrogance and for getting rid of pride there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.
Herein, your reverences, conceit is evil and indolence is evil for getting rid of conceit and for getting rid of indolence there is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to awakening, to Nibbāna. And what, your reverences, is this Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna? It is this Ariyan Eightfold Way itself, that is to say, perfect view, perfect thought, perfect speech, perfect action, perfect mode of livelihood, perfect exertion, perfect mindfulness, perfect concentration. It is this, your reverences, that is the Middle Course which, making for vision, making for knowledge, conduces to tranquillity, to super-knowledge, to Nibbāna.”
Thus spoke the venerable Sāriputta. Delighted, these monks rejoiced in what the venerable Sāriputta had said.
References:
Today's (September 24, 2017) Schedule at Lankarama Buddhist Institute
10am- Special Yoga session by Vimala Sperber
11am- Meditation on Mindfulness by US Navy Chaplain Aroon Ar Seeda
12pm- Community Art Project led by artist Elena Daya and musician Denis Kucherov
1pm- Special Guest lecture on Piprahwa Buddha Relic by Dr. Sunil Jayasinghe
2pm- Buddha Relic Vandana
Don't miss this life time opportunity. This is the last stop of the Buddha Relic's USA journey.
There will be a rare collection of world class Buddhist art paintings as well.
Come join us. All are welcome to this free and open event
May all beings be well and happy!
Lankarama Buddhist Institute
398 Giano Ave
La Puente
CA 91744


Dear Dhamma friends,

This Sunday, September 24, Budart Festival brings rare Piprahwa Relics of Buddha Sakyamuni and best pieces of meditative art for display in Lankarama Buddhist Vihara.

All are welcome to come and pay respect to the Buddha Relics, enjoy meditative paintings, participate in inspiring yoga, meditation and art classes!

Program for Sunday:

10:00 am -11:00 am - Chakra Yoga based on Lady Niguma series

11:00 am -12:00 am - Mindfulness meditation

12:00 pm -1:00 pm - Colors of Music meditative art workshop (live music and painting)

2:00 pm-5:00 pm - Display of the Buddha Relics

Don't miss a chance to feel the atmosphere of pure meditation!



Sincerely yours,
Lankarama Buddhist Institute & Budart team






Click here for a beautiful documentary on Piprahwa Buddha Relics. Come have a look at these amazingly powerful Buddha Relic and pay respect and be blessed on these days in Los Angeles area.
September 16-21 at University of the West (9am - 9pm)
September 22 at Sri Ratana International Buddhist Center (6pm-8pm)
September 23 at Ventura Vietnam Buddhist Temple
September 24 at Lankarama Buddhist Institute (2pm - 5pm)
  • Come join us with your family and friends
  • This is a very rare opportunity for all of us.
So, don't miss this meritorious event happening at University of the West, Sri Ratana International Buddhist Meditation Center, Ventura Vietnam Buddhist Temple and at Lankarama Buddhist Institute.


www.dhammausa.com
www.budart.org 

May all beings be well and happy and healthy
Thirty Two Childish Talks according to Buddhism

Majjhima Nikāya 76 - Sandaka Sutta
Pali Text
Evaṃ me sutaṃ—​ ekaṃ samayaṃ bhagavā kosambiyaṃ viharati ghositārāme. Tena kho pana samayena sandako paribbājako pilak­kha­guhā­yaṃ paṭivasati mahatiyā parib­bāja­ka­parisāya saddhiṃ pañcamattehi parib­bāja­ka­satehi. Atha kho āyasmā ānando sāyanhasamayaṃ paṭisallānā vuṭṭhito bhikkhū āmantesi: “āyāmāvuso, yena devakatasobbho tenu­pasaṅka­mis­sāma guhādassanāyā”ti. “Evamāvuso”ti kho te bhikkhū āyasmato ānandassa paccassosuṃ. Atha kho āyasmā ānando sambahulehi bhikkhūhi saddhiṃ yena devakatasobbho tenupasaṅkami.
Tena kho pana samayena sandako paribbājako mahatiyā parib­bāja­ka­parisāya saddhiṃ nisinno hoti unnādiniyā uccā­sadda­mahā­saddāya anekavihitaṃ tiracchā­na­kathaṃ kathentiyā, seyyathidaṃ–

  1. rājakathaṃ  - talk about kings 
  2. corakathaṃ - robbers  
  3. mahā­matta­kathaṃ - chief ministers
  4. senākathaṃ - the army
  5. bhayakathaṃ - about fears
  6. yuddhakathaṃ - fights
  7. annakathaṃ - eatables 
  8. pānakathaṃ - drinks
  9. vatthakathaṃ - dress
  10. sayanakathaṃ - beds
  11. mālākathaṃ - flowers
  12. gandhakathaṃ - scents
  13. ñātikathaṃ - relations
  14. yānakathaṃ - conveyances
  15. gāmakathaṃ - villages
  16. nigamakathaṃ - hamlets
  17. nagarakathaṃ - towns
  18. janapadakathaṃ - states
  19. itthikathaṃ - women
  20. sūrakathaṃ - heros
  21. visikhākathaṃ - street
  22. kum­bhaṭ­ṭhā­na­kathaṃ - gossip at the corner of the and at the well
  23. pubba­peta­kathaṃ - about those dead and gone
  24. nānattakathaṃ - various other talk
  25. lokakkhāyikaṃ - about the origin of the world
  26. samud­dak­khā­yi­kaṃ -the ocean
  27. iti­bhavā­bhava­kathaṃ - of things that happened and did not happen.


English Text:
I heard thus. At one time the Blessed One lived in Gosita's monastery in Kosambi. At that time the wandering ascetic Sandaka lived in a grove of fig trees with a large community of wandering ascetics about five hundred of them. Then venerable Ānanda, getting up from his seclusion in the evening addressed the bhikkhus: `Friends, let us go to the Devakata pool to see the caves,' Those bhikkhus agreed and venerable Ānanda approached the Devakata pool with those bhikkhus. At that time, the wandering ascetic Sandaka was seated with a large gathering of wandering ascetics making much noise engaged in various kinds of childish talk. Such as talk about kings, robbers, chief ministers, the army, about fears, fights, eatables and drinks, dress, beds, flowers and scents, relations, conveyances, villages, hamlets, towns and states, women and heros, and gossip at the corner of the street and at the well, about those dead and gone, various other talk about the origin of the world and the oceanandof things thathappenedand did not happen. The wandering ascetic Sandaka saw venerable Ānanda coming in the distance and silenced the gathering: `Good sirs, make less noise, do not make such a noise. The recluse Ānanda, a disciple of the recluse Gotama is coming. Of the disciples of recluse Gotama, residing in Kosambi this is one. These venerable ones make little noise, are trained to make little noise and they train others to make little noise. Thinking this gathering makes little noise may have thought to approach,' Then those wandering ascetics became silent Venerable Ānanda approached the wandering ascetic, Sandaka. The wandering ascetic Sandaka said to venerable Ānanda: `Good Ānanda, come! It is after a long time that good Ānanda thought of coming. Sit good Ānanda, the seat is ready,' Venerable Ānanda sat on the prepared seat, and the wandering ascetic too sat on a side taking a low seat.
Sinhala Text:
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොසිතාරාමයෙහි වාසය කළහ. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම පිලක්ඛ නම් ගුහායෙහි පන්සියයක් පමණවූ, මහත් පරිව්‍රාජක පිරිස සමග වාසය කරයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියේ, භික්ෂූන්ට කථාකළහ. “ඇවැත්නි, යමු. දේවකටසොබ්භය (-වර්ෂාවෙන් සෑරුණු දියවිල) යම් තැනෙක්හිද එහි ගුහාව දැකීම පිණිස එළඹෙන්නෙමුයි”
“ඇවැත්නි, එසේයයි” ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝවූ භික්ෂූන් සමග දේවකටසොබ්භ නම් විල යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්‍රකාර තිරිසන් කතා කියමින් මහත් ශබ්ද පවත්වන්නාවූ මහත් පිරිවැජි පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලොකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.

Reference: Sandaka Sutta
Venerable Aluthnuwara Sumanatissa Nayaka Thero
To be conferred as the 
Chief Sangha Nayaka of North America






Having hailed from an enchanting locality called Aluthnuwara in Balangoda amidst the exquisite hill tracks of Ratnapura district, our protagonist entered the holy Buddhist Order on June 13, 1964, with the Dhamma name Aluthnuwara Sumanatissa and he became a full-fledged bhikkhu in July 1978. From May 1978, onward he started teaching as a Dhamma teacher in a number of public schools. Venerable Sumanatissa visited United States in 1991 and established Lankarama Buddhist Institute in La Puente, California. As of today, Lankarama Buddhist Institute has become one of the most active Buddhist temples serving all the communities in California.


Sumanatissa Thero has been rendering a yeomen’s service to the Buddhist communities both in Sri Lanka and US. His wonderful contribution towards the Buddhist community in Sri Lanka is highlighted by the current progress at Vijayasiriwardenaramaya, Arawwala and Gangatilaka Viharaya, Iyamporuwa, Kotte. Today, many thousands of Buddhist devotees are benefited immensely through these two charming Buddhist temples alone. Gangatilaka Viharaya which is located just next to the Sri Jayawardenepura Kotte Parliament complex, plays a very vital role as a busy Buddhist temple all throughout the year. Thanks to Sumanatissa Thero’s development drive both Gangatilaka Viharaya and Vijayasiriwardenaramaya are now fully operational with a variety of organized Dhamma events. Our Thero was able to manage all the temples both in California and in Sri Lanka due to his great leadership qualities and management skills.

Venerable Thero continued to serve the community through a wide variety of social welfare and charity activities. One of the distinguished contributions by Sumanatissa Thero and his trusted devotees was the building of 50 new houses to Tsunami victims at Nelumpokunagama, Maha Induruwa in southern Sri Lanka. Through Lankarama Vision Foundation, Venerable Sumanatissa and his devotees were able to benefit thousands of underprivileged citizens by way of cataract surgeries and reading glasses. Thero has refurbished two Buddhist temples in his hometown and donated Buddha statues while the local school at his hometown was offered a serene shrine room. Meanwhile hundreds of innocent children have been provided scholarships so far to continue their school education besides wheelchairs and other equipment were provided to a number of handicapped and needy people in Sri Lanka.
In recognizing Venerable Aluthnuwara Sumanatissa Maha Thero’s noble Dhamma service and social welfare drive over the last several decades, Kotte Sri Kalyani Samagri Dharma Maha Sangha Sabha has decided to confer a special honorary title “Chief Sangha Nayaka of North America”. The title ceremony is scheduled to take place on August 30, 2017 at the auspicious Chapter House of Kotte Rajamaha Viharaya under the patronage of all the leading Sangha members of Kotte Sri Kalyani Dharma Maha Sangha Sabha. This sedate religious event will be attended by Honorable Mr. Mahinda Rajapaksa, former President of Sri Lanka and a large number of devotees and well-wishers of Lankarama Buddhist Institute, California, USA, Gangatilaka Viharaya and Vijayasriwardenaramaya.
May the most venerable Aluthnuwara Sumanatissa Nayaka Thero be able to further continue his noble Dhamma service and social welfare drive with the blessing of the noble Triple Gem!
May the Buddha Sasana florish in the world for the benefit of the many!
May all beings be well and happy and healthy!

Venerable Nivitigala Sumitta
University of the West – Rosemead - California


MN 62 - Mahā Rā­hu­lovāda­ Sutta 
මජ්ඣිම නිකාය - මජ්ඣිම පණ්ණාසකය - 2. භික්ෂු වර්ගය 
The Greater Exhortation to Rahula

Evaṃ me sutaṃ—​   ekaṃ samayaṃ bhagavā sāvatthiyaṃ viharati jetavane anātha­piṇḍi­kassa ārāme. Atha kho bhagavā pubbaṇ­ha­samayaṃ nivāsetvā patta­cīvara­mādāya sāvatthiṃ piṇḍāya pāvisi. Āyasmāpi kho rāhulo pubbaṇ­ha­samayaṃ nivāsetvā patta­cīvara­mādāya bhagavantaṃ piṭṭhito piṭṭhito anubandhi. Atha kho bhagavā apaloketvā āyasmantaṃ rāhulaṃ āmantesi:



 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජෙතවන නම්වූ ආරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවත් නුවරෙහි පිඬු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ. 


I have heard that on one occasion the Blessed One was staying at Savatthi, in Jeta's Grove, Anathapindika's Monastery. Then the Blessed One, early in the morning, put on his robes and, carrying his bowl and outer robe, went into Savatthi for alms. And Ven. Rahula, early in the morning, put on his robes and, carrying his bowl and outer robe, went into Savatthi for alms following right behind the Blessed One.(According to the Commentary, Ven. Rahula was 18 years old when this discourse took place.)Then the Blessed One, looking back at Rahula, addressed him:


“yaṃ kiñci, rāhula, rūpaṃ—atītā­nāgata­pac­cup­pan­naṃ ajjhattaṃ vā bahiddhā vā oḷārikaṃ vā sukhumaṃ vā hīnaṃ vā paṇītaṃ vā yaṃ dūre santike vā—sabbaṃ rūpaṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabban”ti.


“රාහුල, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ ඔලාරික (මහත්) වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උසස්වූ හෝ යම් කිසි රූපයක් වේද, දුරෙහිවූ හෝ සමීපයෙහිවූ හෝ යම් රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවේය. ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි.


"Rahula, any form whatsoever that is past, future, or present; internal or external; blatant or subtle; common or sublime; far or near: every form is to be seen as it actually is with right discernment as: 'This is not mine. This is not my self. This is not what I am.'"


“Rūpameva nu kho, bhagavā, rūpameva nu kho, sugatā”ti? “Rūpampi, rāhula, vedanāpi, rāhula, saññāpi, rāhula, saṅkhārāpi, rāhula, viññāṇampi, rāhulā”ti.


“භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?
“රාහුල, රූපයද; රාහුල, වේදනාවද; රාහුල, සංඥාවද; රාහුල, සංස්කාරයෝද; රාහුල, විඥානයද (එසේය.)”


"Just form, O Blessed One? Just form, O One Well-gone?"
"Form, Rahula, & feeling & perception & fabrications & consciousness."

Atha kho āyasmā rāhulo “ko najja bhagavatā sammukhā ovādena ovadito gāmaṃ piṇḍāya pavisissatī”ti tato paṭinivattitvā aññatarasmiṃ rukkhamūle nisīdi pallaṅkaṃ ābhujitvā ujuṃ kāyaṃ paṇidhāya parimukhaṃ satiṃ upaṭṭhapetvā. Addasā kho āyasmā sāriputto āyasmantaṃ rāhulaṃ aññatarasmiṃ rukkhamūle nisinnaṃ pallaṅkaṃ ābhujitvā ujuṃ kāyaṃ paṇidhāya parimukhaṃ satiṃ upaṭṭhapetvā. Disvāna āyasmantaṃ rāhulaṃ āmantesi: “ānāpānassatiṃ, rāhula, bhāvanaṃ bhāvehi. Ānāpānassati, rāhula, bhāvanā bhāvitā bahulīkatā mahapphalā hoti mahānisaṃsā”ti.


ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිරතෙමේ “භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඬු පිණිස යන්නේදැ”යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරිකොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. “රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩව. රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”


Then the thought occurred to Ven. Rahula, "Who, having been exhorted face-to-face by the Blessed One, would go into the town for alms today?" So he turned back and sat down at the foot of a tree, folding his legs crosswise, holding his body erect, & setting mindfulness to the fore.
Ven. Sariputta saw Ven. Rahula sitting at the foot of a tree, his legs folded crosswise, his body held erect, & with mindfulness set to the fore. On seeing him, he said to him, "Rahula, develop the meditation of mindfulness of in-&-out breathing. The meditation of mindfulness of in-&-out breathing, when developed & pursued, is of great fruit, of great benefit."


Atha kho āyasmā rāhulo sāyanhasamayaṃ paṭisallānā vuṭṭhito yena bhagavā tenupasaṅkami; upasaṅkamitvā bhagavantaṃ abhivādetvā ekamantaṃ nisīdi. Ekamantaṃ nisinno kho āyasmā rāhulo bhagavantaṃ etadavoca: “kathaṃ bhāvitā nu kho, bhante, ānāpānassati, kathaṃ bahulīkatā mahapphalā hoti mahānisaṃsā”ti?


ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිත එකඟ කිරීමෙන් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?”


Then Ven. Rahula, emerging from his seclusion in the late afternoon, went to the Blessed One and, having bowed down, sat to one side. As he was sitting there he said to him, "How, lord, is mindfulness of in-&-out breathing to be developed & pursued so as to be of great fruit, of great benefit?"


“Yaṃ kiñci, rāhula, ajjhattaṃ paccattaṃ kakkhaḷaṃ kharigataṃ upādinnaṃ, seyyathidaṃ—kesā lomā nakhā dantā taco maṃsaṃ nhāru aṭṭhi aṭṭhimiñjaṃ vakkaṃ hadayaṃ yakanaṃ kilomakaṃ pihakaṃ papphāsaṃ antaṃ antaguṇaṃ udariyaṃ karīsaṃ, yaṃ vā panaññampi kiñci ajjhattaṃ paccattaṃ kakkhaḷaṃ kharigataṃ upādinnaṃ— ayaṃ vuccati, rāhula, ajjhattikā pathavīdhātu. Yā ceva kho pana ajjhattikā pathavīdhātu yā ca bāhirā pathavīdhātu, patha­vī­dhātu­revesā. Taṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti—evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabbaṃ. Evametaṃ yathābhūtaṃ sammappaññāya disvā pathavīdhātuyā nibbindati, pathavīdhātuyā cittaṃ virājeti.


“රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් කර්කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍යවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් කිසි තදබවක්, රළු බවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සිත නොඇලෙයි.


"Rahula, {any form whatsoever that is past, future, or present; internal or external; blatant or subtle; common or sublime; far or near: every form is to be seen as it actually is with right discernment as: 'This is not mine. This is not my self. This is not what I am.' There are these five properties, Rahula. Which five? The earth property, the water property, the fire property, the wind property, & the space property.
"And what is the earth property? The earth property can be either internal or external. What is the internal earth property?}(The preceding passage in braces is missing from the editions on which both The Middle Length Sayings and The Middle Length Discourses of the Buddha are based.) Anything internal, within oneself, that's hard, solid, & sustained [by craving]: head hairs, body hairs, nails, teeth, skin, flesh, tendons, bones, bone marrow, kidneys, heart, liver, membranes, spleen, lungs, large intestines, small intestines, contents of the stomach, feces, or anything else internal, within oneself, that's hard, solid, and sustained: This is called the internal earth property. Now both the internal earth property & the external earth property are simply earth property. And that should be seen as it actually is present with right discernment: 'This is not mine, this is not me, this is not my self.' When one sees it thus as it actually is present with right discernment, one becomes disenchanted with the earth property and makes the earth property fade from the mind.


Katamā ca, rāhula, āpodhātu? Āpodhātu siyā ajjhattikā, siyā bāhirā. Katamā ca, rāhula, ajjhattikā āpodhātu? Yaṃ ajjhattaṃ paccattaṃ āpo āpogataṃ upādinnaṃ, seyyathidaṃ—pittaṃ semhaṃ pubbo lohitaṃ sedo medo assu vasā kheḷo siṅghāṇikā lasikā muttaṃ, yaṃ vā panaññampi kiñci ajjhattaṃ paccattaṃ āpo āpogataṃ upādinnaṃ—ayaṃ vuccati, rāhula, ajjhattikā āpodhātu. Yā ceva kho pana ajjhattikā āpodhātu yā ca bāhirā āpodhātu āpodhāturevesā. Taṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti—evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabbaṃ. Evametaṃ yathābhūtaṃ sammappaññāya disvā āpodhātuyā nibbindati, āpodhātuyā cittaṃ virājeti.


“රාහුල, ආපො ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපො ධාතුවක් වන්නේය. බාහිර ආපො ධාතුවක් (ද) වන්නේය. රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ’ එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සිත නොඇලෙයි.


"And what is the water property? The water property may be either internal or external. What is the internal water property? Anything internal, belonging to oneself, that's water, watery, & sustained: bile, phlegm, pus, blood, sweat, fat, tears, oil, saliva, mucus, oil-of-the-joints, urine, or anything else internal, within oneself, that's water, watery, & sustained: This is called the internal water property. Now both the internal water property & the external water property are simply water property. And that should be seen as it actually is present with right discernment: 'This is not mine, this is not me, this is not my self.' When one sees it thus as it actually is present with right discernment, one becomes disenchanted with the water property and makes the water property fade from the mind.


Katamā ca, rāhula, tejodhātu? Tejodhātu siyā ajjhattikā, siyā bāhirā. Katamā ca, rāhula, ajjhattikā tejodhātu? Yaṃ ajjhattaṃ paccattaṃ tejo tejogataṃ upādinnaṃ, seyyathidaṃ—yena ca santappati yena ca jīrīyati yena ca pariḍayhati yena ca asita­pīta­khā­yi­ta­sāyitaṃ sammā pariṇāmaṃ gacchati, yaṃ vā panaññampi kiñci ajjhattaṃ paccattaṃ tejo tejogataṃ upādinnaṃ—ayaṃ vuccati, rāhula, ajjhattikā tejodhātu. Yā ceva kho pana ajjhattikā tejodhātu yā ca bāhirā tejodhātu tejo­dhātu­revesā. Taṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti—evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabbaṃ. Evametaṃ yathābhūtaṃ sammappaññāya disvā tejodhātuyā nibbindati, tejodhātuyā cittaṃ virājeti.


“රාහුල, තෙජො ධාතුව කවරීද, අධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නේය. බාහිර තෙජො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ලද ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍යවූ තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජො ධාතුව යයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජො ධාතුවක් වේද, බාහිරවූ යම් තෙජො ධාතුවක් වේද, මේ දෙකම තෙජො ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක තෙජො ධාතුවෙහි කලකිරෙයි. තෙජො ධාතුවෙහි සිත නොඇලෙයි.


"And what is the fire property? The fire property may be either internal or external. What is the internal fire property? Anything internal, belonging to oneself, that's fire, fiery, & sustained: that by which [the body] is warmed, aged, & consumed with fever; and that by which what is eaten, drunk, chewed, & savored gets properly digested; or anything else internal, within oneself, that's fire, fiery, & sustained: This is called the internal fire property. Now both the internal fire property & the external fire property are simply fire property. And that should be seen as it actually is present with right discernment: 'This is not mine, this is not me, this is not my self.' When one sees it thus as it actually is present with right discernment, one becomes disenchanted with the fire property and makes the fire property fade from the mind.


Katamā ca, rāhula, vāyodhātu? Vāyodhātu siyā ajjhattikā, siyā bāhirā. Katamā ca, rāhula, ajjhattikā vāyodhātu? Yaṃ ajjhattaṃ paccattaṃ vāyo vāyogataṃ upādinnaṃ, seyyathidaṃ—uddhaṅgamā vātā, adhogamā vātā, kucchisayā vātā, koṭṭhāsayā vātā, aṅga­maṅ­gā­nusā­rino vātā, assāso passāso iti, yaṃ vā panaññampi kiñci ajjhattaṃ paccattaṃ vāyo vāyogataṃ upādinnaṃ—ayaṃ vuccati, rāhula, ajjhattikā vāyodhātu. Yā ceva kho pana ajjhattikā vāyodhātu yā ca bāhirā vāyodhātu vāyodhā­tu­revesā. Taṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti—evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabbaṃ. Evametaṃ yathābhūtaṃ sammappaññāya disvā vāyodhātuyā nibbindati, vāyodhātuyā cittaṃ virājeti.


“රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිතවූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහලට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද රාහුලය, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිරවූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැයි.’ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි.’ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැක වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සිත නොඇලෙයි.


"And what is the wind property? The wind property may be either internal or external. What is the internal wind property? Anything internal, belonging to oneself, that's wind, windy, & sustained: up-going winds, down-going winds, winds in the stomach, winds in the intestines, winds that course through the body, in-and-out breathing, or anything else internal, within oneself, that's wind, windy, & sustained: This is called the internal wind property. Now both the internal wind property & the external wind property are simply wind property. And that should be seen as it actually is present with right discernment: 'This is not mine, this is not me, this is not my self.' When one sees it thus as it actually is present with right discernment, one becomes disenchanted with the wind property and makes the wind property fade from the mind.


Katamā ca, rāhula, ākāsadhātu? Ākāsadhātu siyā ajjhattikā, siyā bāhirā. Katamā ca, rāhula, ajjhattikā ākāsadhātu? Yaṃ ajjhattaṃ paccattaṃ ākāsaṃ ākāsagataṃ upādinnaṃ, seyyathidaṃ—kaṇṇacchiddaṃ nāsacchiddaṃ mukhadvāraṃ, yena ca asita­pīta­khā­yi­ta­sāyitaṃ ajjhoharati, yattha ca asita­pīta­khā­yi­ta­sāyitaṃ santiṭṭhati, yena ca asita­pīta­khā­yi­ta­sāyitaṃ adhobhāgaṃ nikkhamati, yaṃ vā panaññampi kiñci ajjhattaṃ paccattaṃ ākāsaṃ ākāsagataṃ, aghaṃ aghagataṃ, vivaraṃ vivaragataṃ, asamphuṭṭhaṃ, maṃsalohitehi upādinnaṃ—ayaṃ vuccati, rāhula, ajjhattikā ākāsadhātu. Yā ceva kho pana ajjhattikā ākāsadhātu yā ca bāhirā ākāsadhātu ākāsa­dhātu­revesā. Taṃ ‘netaṃ mama, nesohamasmi, na meso attā’ti—evametaṃ yathābhūtaṃ sammappaññāya daṭṭhabbaṃ. Evametaṃ yathābhūtaṃ sammappaññāya disvā ākāsadhātuyā cittaṃ nibbindati, ākāsadhātuyā cittaṃ virājeti.


“රාහුල, ආකාශධාතුව කවරීද, අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිරවූ ආකාශ වස්තුවක්ද වන්නේය. “රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් ආකාශයක්, සිදුරක් වේද, එනම්: කන් සිදුර, නැහැ සිදුර, මුවදොර, යම් තැනෙකින් අනුභව කරන, බොන කන ලොවින දෙය ගිලෙයිද යම් තැනෙක අනුභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනුභවකරණ බොන කන ලොවින දෙය යට කොටසින් නික්මේද, යන මේයි. මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යම්කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආකාශ ධාතුයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආකාශ ධාතුවක් වීද, යම් බාහිර ආකාශ ධාතුවක් වීද, ඒ දෙකම ආකාශ ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇති සැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සිත නොඇලෙයි.


"And what is the space property? The space property may be either internal or external. What is the internal space property? Anything internal, belonging to oneself, that's space, spatial, & sustained: the holes of the ears, the nostrils, the mouth, the [passage] whereby what is eaten, drunk, consumed, & tasted gets swallowed, and where it collects, and whereby it is excreted from below, or anything else internal, within oneself, that's space, spatial, & sustained: This is called the internal space property. Now both the internal space property & the external space property are simply space property. And that should be seen as it actually is present with right discernment: 'This is not mine, this is not me, this is not my self.' When one sees it thus as it actually is present with right discernment, one becomes disenchanted with the space property and makes the space property fade from the mind.


Pathavīsamaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Pathavīsamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti. Seyyathāpi, rāhula, pathaviyā sucimpi nikkhipanti, asucimpi nikkhipanti, gūthagatampi nikkhipanti, muttagatampi nikkhipanti, kheḷagatampi nikkhipanti, pubbagatampi nikkhipanti, lohitagatampi nikkhipanti, na ca tena pathavī aṭṭīyati vā harāyati vā jigucchati vā; evameva kho tvaṃ, rāhula, pathavīsamaṃ bhāvanaṃ bhāvehi. Pathavīsamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti.


“රාහුල, පොළොව හා සමකොට භාවනාව වඩව. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල්සිත විනාශකොට නොසිටිත්. රාහුල, යම්සේ පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්, මුත්‍රද දමත්, කෙලද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එයින් පොළොව අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල එපරිද්දෙන්ම තොප පොළොව හා සමකොට භාවනාව වඩව්. පොළොව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.


"Rahula, develop the meditation in tune with earth. For when you are developing the meditation in tune with earth, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind. Just as when people throw what is clean or unclean on the earth — feces, urine, saliva, pus, or blood — the earth is not horrified, humiliated, or disgusted by it; in the same way, when you are developing the meditation in tune with earth, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind.


Āposamaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Āposamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti. Seyyathāpi, rāhula, āpasmiṃ sucimpi dhovanti, asucimpi dhovanti, gūthagatampi dhovanti, muttagatampi dhovanti, kheḷagatampi dhovanti, pubbagatampi dhovanti, lohitagatampi dhovanti, na ca tena āpo aṭṭīyati vā harāyati vā jigucchati vā; evameva kho tvaṃ, rāhula, āposamaṃ bhāvanaṃ bhāvehi. Āposamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti.


“රාහුල, ජලය හා සමකොට භාවනාව වඩව, ජලය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොටගෙන නොසිටිත්. රාහුල, යම්සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සෝදත්, අශුචිද සෝදත්, මුත්‍රද සෝදත්, කෙලද සෝදත්, සැරවද සෝදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ඔබ දිය හා සමකොට භාවනාව වඩව. රාහුල, දිය සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.


"Develop the meditation in tune with water. For when you are developing the meditation in tune with water, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind. Just as when people wash what is clean or unclean in water — feces, urine, saliva, pus, or blood — the water is not horrified, humiliated, or disgusted by it; in the same way, when you are developing the meditation in tune with water, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind.


Tejosamaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Tejosamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti. Seyyathāpi, rāhula, tejo sucimpi dahati, asucimpi dahati, gūthagatampi dahati, muttagatampi dahati, kheḷagatampi dahati, pubbagatampi dahati, lohitagatampi dahati, na ca tena tejo aṭṭīyati vā harāyati vā jigucchati vā; evameva kho tvaṃ, rāhula, tejosamaṃ bhāvanaṃ bhāvehi. Tejosamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti.


“රාහුල, ගිනි හා සමකොට භාවනාව වඩව. ගිනි හා සමකොට භාවනා වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොටගෙණ නොසිටිත්. රාහුල, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවයි, මුත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහුල, එපරිද්දෙන්ම ගින්න හා සම කොට භාවනාව වඩව, රාහුල, ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙණ නො සිටිත්.


"Develop the meditation in tune with fire. For when you are developing the meditation in tune with fire, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind. Just as when fire burns what is clean or unclean — feces, urine, saliva, pus, or blood — it is not horrified, humiliated, or disgusted by it; in the same way, when you are developing the meditation in tune with fire, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind.


Vāyosamaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Vāyosamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti. Seyyathāpi, rāhula, vāyo sucimpi upavāyati, asucimpi upavāyati, gūthagatampi upavāyati, muttagatampi upavāyati, kheḷagatampi upavāyati, pubbagatampi upavāyati, lohitagatampi upavāyati, na ca tena vāyo aṭṭīyati vā harāyati vā jigucchati vā; evameva kho tvaṃ, rāhula, vāyosamaṃ bhāvanaṃ bhāvehi. Vāyosamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti.


“රාහුල, වාතය හා සමකොට භාවනාව වඩව, රාහුල, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාපවූද අමනාපවූද ස්පර්ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහුල, යම්සේ වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද ගෙනයයි, අශුචිද ගෙනයයි, මුත්‍රද ගෙනයයි, කෙලද ගෙනයයි, සැරවද ගෙනයයි, ලෙහෙද ගෙනයයි. වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකෙරෙයි. රාහුල, ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව, වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.


"Develop the meditation in tune with wind. For when you are developing the meditation in tune with wind, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind. Just as when wind blows what is clean or unclean — feces, urine, saliva, pus, or blood — it is not horrified, humiliated, or disgusted by it; in the same way, when you are developing the meditation in tune with wind, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind.


Ākāsasamaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Ākāsasamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti. Seyyathāpi, rāhula, ākāso na katthaci patiṭṭhito; evameva kho tvaṃ, rāhula, ākāsasamaṃ bhāvanaṃ bhāvehi. Ākāsasamañhi te, rāhula, bhāvanaṃ bhāvayato uppannā manāpāmanāpā phassā cittaṃ na pariyādāya ṭhassanti.


“රාහුල, අහස හා සමකොට භාවනාව වඩව, රාහුල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්. රාහුල, යම්සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහුල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. ‘රාහුල, අහස සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්ශයෝ කුසල් සිත විනාශකොට ගෙණ නොසිටිත්.


"Develop the meditation in tune with space. For when you are developing the meditation in tune with space, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind. Just as space is not established anywhere, in the same way, when you are developing the meditation in tune with space, agreeable & disagreeable sensory impressions that have arisen will not stay in charge of your mind.


Mettaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Mettañhi te, rāhula, bhāvanaṃ bhāvayato yo byāpādo so pahīyissati. Karuṇaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Karuṇañhi te, rāhula, bhāvanaṃ bhāvayato yā vihesā sā pahīyissati. Muditaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Muditañhi te, rāhula, bhāvanaṃ bhāvayato yā arati sā pahīyissati. Upekkhaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Upekkhañhi te, rāhula, bhāvanaṃ bhāvayato yo paṭigho so pahīyissati. Asubhaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Asubhañhi te, rāhula, bhāvanaṃ bhāvayato yo rāgo so pahīyissati. Aniccasaññaṃ, rāhula, bhāvanaṃ bhāvehi. Aniccasaññañhi te, rāhula, bhāvanaṃ bhāvayato yo asmimāno so pahīyissati.


“රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, කරුණා භාවනාව වඩව. රාහුල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, මුදිතා භාවනාව වඩව. රාහුල, මුදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් නොඇලීමක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, උපෙක්ෂා භාවනාව වඩව. රාහුල, උපෙක්ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ප්‍රතිඝයක් ද්වෙෂයක් වේද, එය නැතිවී යන්නේය.
“රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.
රාහුල, අනිච්චසඤ්ඤා භාවනාව වඩව. රාහුල, අනිච්චසඤ්ඤා (-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ‘මම වෙමි’ යන මානයක් වේද, එය නැතිවී යන්නේය.


"Develop the meditation of good will. For when you are developing the meditation of good will, ill-will will be abandoned.
"Develop the meditation of compassion. For when you are developing the meditation of compassion, cruelty will be abandoned.
"Develop the meditation of appreciation. For when you are developing the meditation of appreciation, resentment will be abandoned.
"Develop the meditation of equanimity. For when you are developing the meditation of equanimity, irritation will be abandoned.
"Develop the meditation of the unattractive. For when you are developing the meditation of the unattractive, passion will be abandoned.
"Develop the meditation of the perception of inconstancy. For when you are developing the meditation of the perception of inconstancy, the conceit 'I am' will be abandoned.


Ānāpānassatiṃ, rāhula, bhāvanaṃ bhāvehi. Ānāpānassati hi te, rāhula, bhāvitā bahulīkatā mahapphalā hoti mahānisaṃsā. Kathaṃ bhāvitā ca, rāhula, ānāpānassati, kathaṃ bahulīkatā mahapphalā hoti mahānisaṃsā? Idha, rāhula, bhikkhu araññagato vā rukkhamūlagato vā suññāgāragato vā nisīdati pallaṅkaṃ ābhujitvā ujuṃ kāyaṃ paṇidhāya parimukhaṃ satiṃ upaṭṭhapetvā. So satova assasati satova passasati.
Dīghaṃ vā assasanto ‘dīghaṃ assasāmī’ti pajānāti, dīghaṃ vā passasanto ‘dīghaṃ passasāmī’ti pajānāti; rassaṃ vā assasanto ‘rassaṃ assasāmī’ti pajānāti, rassaṃ vā passasanto ‘rassaṃ passasāmī’ti pajānāti. ‘Sabba­kāyap­paṭi­saṃ­vedī assasissāmī’ti sikkhati; ‘sabba­kāyap­paṭi­saṃ­vedī passasissāmī’ti sikkhati; ‘passambhayaṃ kāyasaṅkhāraṃ assasissāmī’ti sikkhati; ‘passambhayaṃ kāyasaṅkhāraṃ passasissāmī’ti sikkhati.


“රාහුල, ආණාපාණසති (-හුස්ම ගැණීම හැරීම දෙක පිළිබඳ) භාවනාව වඩව. රාහුල, ආණාපාණසති භාවනාව වඩනාලද්දී, බහුලවශයෙන් කරණලද්දී, මහත් ඵල මහානිශංස වේ. රාහුල, කෙසේ වඩනාලද කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපානසතිය මහත්ඵල මහානිශංස වේද, රාහුල, මේ ශාසනයෙහි භික්ෂුවක් වනයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය ඍජුව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, ඒ භික්ෂුව සිහි ඇතිවම හුස්ම ගණී, සිහි ඇතිව හුස්ම හරී, දික් හුස්ම ගන්නේ දිගට හුස්ම ගනිමියි දනියි. දිගට හුස්ම හරින්නේ දිගට හුස්ම හරිමියි දනියි. කොටින් හුස්ම ගන්නේ කොටින් හුස්ම ගනිමියි දනී. කොටින් හුස්ම හරින්නේ කොටින් හුස්ම හරිමියි දනී. හුස්ම ගැණීම මුල සිට අග තෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි. (-පුරුදු වෙයි) හුස්ම හැරීම මුල සිට අගතෙක් සම්පූර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි.


"Develop the meditation of the perception of inconstancy. For when you are developing the meditation of the perception of inconstancy, the conceit 'I am' will be abandoned.
"Develop the meditation of mindfulness of in-&-out breathing. Mindfulness of in-&-out breathing, when developed & pursued, is of great fruit, of great benefit.
"And how, Rahula, is mindfulness of in-&-out breathing developed & pursued so as to be of great fruit, of great benefit?
"There is the case where a monk, having gone to the wilderness, to the shade of a tree, or to an empty building, sits down folding his legs crosswise, holding his body erect, and setting mindfulness to the fore.(For notes on these sixteen steps, click MN 118 - Ānāpānasati Sutta) Always mindful, he breathes in; mindful he breathes out. 

‘Pītippa­ṭisaṃ­vedī assasissāmī’ti sikkhati; ‘pītippa­ṭisaṃ­vedī passasissāmī’ti sikkhati; ‘sukhap­paṭi­saṃ­vedī assasissāmī’ti sikkhati; ‘sukhap­paṭi­saṃ­vedī passasissāmī’ti sikkhati; ‘citta­saṅ­khā­rap­paṭi­saṃ­vedī assasissāmī’ti sikkhati; ‘citta­saṅ­khā­rap­paṭi­saṃ­vedī passasissāmī’ti sikkhati; ‘passambhayaṃ cittasaṅkhāraṃ assasissāmī’ti sikkhati; ‘passambhayaṃ cittasaṅkhāraṃ passasissāmī’ti sikkhati.


මහත්කොට හුස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම ගනිමියි හික්මෙයි. මහත්කොට හුස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි.


"[5] He trains himself, 'I will breathe in sensitive to rapture.' He trains himself, 'I will breathe out sensitive to rapture.'

[6] He trains himself, 'I will breathe in sensitive to pleasure.' He trains himself, 'I will breathe out sensitive to pleasure.'

[7] He trains himself, 'I will breathe in sensitive to mental fabrication.' He trains himself, 'I will breathe out sensitive to mental fabrication.'

[8] He trains himself, 'I will breathe in calming mental fabrication.' He trains himself, 'I will breathe out calming mental fabrication.'


‘Cittap­paṭi­saṃ­vedī assasissāmī’ti sikkhati; ‘cittap­paṭi­saṃ­vedī passasissāmī’ti sikkhati; ‘abhippamodayaṃ cittaṃ assasissāmī’ti sikkhati; ‘abhippamodayaṃ cittaṃ passasissāmī’ti sikkhati; ‘samādahaṃ cittaṃ assasissāmī’ti sikkhati; ‘samādahaṃ cittaṃ passasissāmī’ti sikkhati; ‘vimocayaṃ cittaṃ assasissāmī’ti sikkhati; ‘vimocayaṃ cittaṃ passasissāmī’ti sikkhati.


චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම ගණිමියි හික්මෙයි. චිත්ත ව්‍යාපාරය සංසිඳුවමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටුකරමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටු කරමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත මනාකොට තබමින් හුස්ම හරිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම ගණිමියි හික්මෙයි. සිත කෙලෙසුන්ගෙන් මුදවමින් හුස්ම හරිමියි හික්මෙයි.


"[9] He trains himself, 'I will breathe in sensitive to the mind.' He trains himself, 'I will breathe out sensitive to the mind.'

[10] He trains himself, 'I will breathe in satisfying the mind.' He trains himself, 'I will breathe out satisfying the mind.'

[11] He trains himself, 'I will breathe in steadying the mind.' He trains himself, 'I will breathe out steadying the mind.'

[12] He trains himself, 'I will breathe in releasing the mind.' He trains himself, 'I will breathe out releasing the mind.'


‘Aniccānupassī assasissāmī’ti sikkhati; ‘aniccānupassī passasissāmī’ti sikkhati; ‘virāgānupassī assasissāmī’ti sikkhati; ‘virāgānupassī passasissāmī’ti sikkhati; ‘nirodhānupassī assasissāmī’ti sikkhati; ‘nirodhānupassī passasissāmī’ti sikkhati; ‘paṭi­nissag­gā­nu­passī assasissāmī’ti sikkhati; ‘paṭi­nissag­gā­nu­passī passasissāmī’ti sikkhati.


අනිත්‍යය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. අනිත්‍යය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි නොඇලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නොඇලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. නිරොධය අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. නිරොධය අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම ගණිමියි හික්මෙයි. දුරලීම අනුව බලමින් හුස්ම හරිමියි හික්මෙයි.


"[13] He trains himself, 'I will breathe in focusing on inconstancy.' He trains himself, 'I will breathe out focusing on inconstancy.'

[14] He trains himself, 'I will breathe in focusing on dispassion.'[5] He trains himself, 'I will breathe out focusing on dispassion.' [15] He trains himself, 'I will breathe in focusing on cessation.' He trains himself, 'I will breathe out focusing on cessation.'

[16] He trains himself, 'I will breathe in focusing on relinquishment.' He trains himself, 'I will breathe out focusing on relinquishment.'


Evaṃ bhāvitā kho, rāhula, ānāpānassati, evaṃ bahulīkatā mahapphalā hoti mahānisaṃsā. Evaṃ bhāvitāya, rāhula, ānāpānassatiyā, evaṃ bahulīkatāya yepi te carimakā assāsā tepi viditāva nirujjhanti no aviditā”ti.


“රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිශංසවේ. රාහුල, මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරණ ලද ආනාපාන සතිය කරණකොට ඔබගේ යම් අවසාන හුස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්. නොදැන නැතිවී නොයත්.”


"This, Rahula, is how mindfulness of in-&-out breathing is developed & pursued so as to be of great fruit, of great benefit.
"When mindfulness of in-&-out breathing is developed & pursued in this way, even one's final in-breaths & out-breaths are known as they cease, not unknown."(one dies fully alert)


Idamavoca bhagavā. Attamano āyasmā rāhulo bhagavato bhāsitaṃ abhinandīti.


භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු විය.


That is what the Blessed One said. Gratified, Ven. Rahula delighted in the Blessed One's words.


Mahārā­hulo­vā­da­suttaṃ niṭṭhitaṃ dutiyaṃ.